48th Military Secretary  - 2021

48th Military Secretary - 2021

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 48 වන යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි පත් කරන ලදී.

කොළඹ තස්ටන් විද්‍යාලයෙන් සිප්සතර හදාරා වර්ෂ 1988 පෙබරවාරි මස 22 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාවට එක් වූ මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රී 1989 වසරේ දෙසැම්බර් මස 16 දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි.

එතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ප්‍රධාන උපදේශක, 571 වන බලසේනාවේ බලසේනාධිපති සහ යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාවේ කර්නල් (පාලන) යන තනතුරු ද හොබවා ඇත. තවද, මේජර් ජෙනරාල් කොලඹතන්ත්‍රි යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරී 1, කර්නල් (යුද සේවා ලේකම්), සහකාර යුද සේවා ලේකම් 2 සහ සහකාර යුද සේවා ලේකම් වැනි ප්‍රධාන තනතුරු ද සිය යුද්ධ හමුදා දිවිය තුළදී හොබවා ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින්ගේ මානව සම්පත් කළමණාකරනයට වැඩි වශයෙන් නැඹුරු වී සිටි අත්දැකීම් වලින් පරිපූර්ණ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් නව යුද සේවා ලේකම් ලෙස පත්විය.

එතුමන් රට වෙනුවෙන් සිදුකළ කැපවීම වෙනුවෙන් රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම සහ උත්තම සේවා පදක්කම වැනි පදක්කම් ද එතුමන් වෙත පිරිනමා ඇත. අපගේ උණුසුම් සුබ පැතුම්!

Major General Ajith Kolambathantri, hours after his elevation to the rank of Major General was subsequently appointed as the 48th Military Secretary of the Sri Lanka Army by the Chief of Defence Staff and Commander of the Army, General Shavendra Silva.

Major General Ajith Kolambathantri a product of Thurstan College, Colombo joined the Sri Lanka Army on 22 February 1988 as an Officer Cadet and was commissioned to the Sri Lanka Artillery as a Second Lieutenant on 16 December 1989.

Apart from the unit-line appointments, he has held a number of appointments during his military career including Chief Instructor, Sri Lanka Military Academy, Commander, 571 Brigade and Colonel (Administration), Adjutant General’s Branch, Army Headquarters. Further, Major General Kolambathantri has held key appointments at the Military Secretary’s Branch during his career as Staff Officer 1, Colonel (Military Secretary), Assistant Military Secretary 2 and Assistant Military Secretary. This vastly experienced Senior Officer, who has been mostly involved in human resource management of Officer cadres of the Sri Lanka Army, was eventually designated for this significant appointment.

He has been awarded Rana Wickrama Padakkama (RWP), Rana Sura Padakkama (RSP) and Uththama Seva Padakkama (USP) in recognition of his dedicated services rendered to the country. Our Warmest Congratulations!