Nikini Poya Day - 2020

Nikini Poya Day - 2020

අජාසත්ත රජතුමාගේ අනුග‍්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහ රහතන් වහන්සේ ප‍්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහර පර්වතයේ සත්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර මණ්ඩපයකදී ප‍්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද්දේ ද අද වැනි නිකිණි පුන් පොහොය දිනකදීය.

බුදුරජාණන් වහන්සේ සිය 14 වන වස්කාලය ශ‍්‍රාවස්තිපුර දෙව්රම් වෙහෙරේ වැඩ වසමින් සිටියදී රාහුල තෙරණුවන්ට රාහුලෝවාද සූත‍්‍රය දේශනා කරමින් සිටින අතර එම සූත‍්‍රයට දැඩි වුවමනාවකින් ඇහුම්කන් දෙමින් සිටි රාහුල තෙරණුවන් රහත්භාවයට පැමිණියේද නිකිණි පොහොය දිනයේදීය.

වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදාවන සමය හැඳින්විය හැකිය. බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොය දිනයේදී සිදුවිය. එමෙන්ම සේරුවාවිල පෙරහැර පැවැත්වෙන්නේද නිකිණි පෝයත් සමගය.

නිකිණි පුන් පොහොය වස්සාන සමයෙහි ආරම්භයයි. මෙතැන් සිට මාස හතරක කාලයක් වස් වසන්නට භික්ෂුන් වහන්සේ වෙත ප‍්‍රඥප්තියක් පනවා ඇත. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. කඳු මුදුන් සහ පහත නිම්නයන් තෙත සහිත සීතල ජලය සහිත නිසා ගස්මුල් අසල වාඩිවී බණ භාවනා කිරීමට මේ සමයේ උචිත නොවේ. බුද්ධ කාලයේදී විසූ පැවිදි පිරිස් වස් කාලය ඇතුළත චාරිකාවෙන් තොරව ආවරණ සහිත තැනක හිඳ මහණදම් පිරීම කළහ. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදාවේ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් රහත්භාවය ලබා ගත්තේද නිකිණි පොහොය දිනයේය.

Nikini Poya is the second Poya in the Vas season and falls during August. Nikini Poya marks the first Dhamma Sangayana (convocation) of Buddhist monks .

The ‘Vas’ retreat which begins with Esala Poya continues through Nikini Poya as well. ‘Vas’ is a period of approximately four months where all Buddhist monks avoid outdoor activities, spending their days in intense spiritual pursuit. Their relationship with the lay devotees too takes on more meaning, as the monks are considered to be more accessible for discussions and obtaining advice than at other times. This in turn has a very positive impact on the attitudes and outlook of the lay devotees, and it is they who pay attention to the welfare of the Buddhist monks and address their requirements at this time of retreat.

It was under a directive of the Buddha all those centuries ago that this retreat was initiated, and it is continued even to this day.

The most significant event pertaining to Nikini Full Moon Poya day was the first Dhamma Sangayana (convocation) which was held in the Sattapanni Cave in Rajagahanuwara many centuries ago. Three months had passed since the Parinirvana (Nirvana after death) of the Buddha, and the senior disciples of the Blessed One felt a need to enforce certain principles and rules with regard to the behavior of the Maha Sangha. It was noticed that a certain monk was behaving in a manner unseemly to the Maha Sangha, therefore this convocation was held and presided over by Mahakassapa Thero. This event also marked the attainment of Arahanthship by the Buddha’s chief disciple, Ananda Thero.

He had been the Buddha’s chief attendant and was considered second only to the Blessed One in prudence, intelligence and wisdom, yet he had not attained Arahantship, since this could happen only after the Parinirvana of the Buddha.

The Dhamma Sangayana commenced with 499 bhikkhus, with Ananda Thero, who became an Arahant on the eve of the event, taking the total congregation to 500.