Orientation Program for A/L Batch 2022

Orientation Program for A/L Batch 2022

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අ.පො.ස උසස් පෙළ 2022 වර්ෂය සඳහා බදවා ගත් සිසුන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන් මාලාවක් ගරු. විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ උසස් පෙළ සියලුම අංශ ප්‍රධාන, ආචාර්ය මණ්ඩලයේ සහයෝගය මත 2020 සැප්තැම්බර් 22 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. කීර්තිමත් ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා, "රැකියා මුලික මනෝමිතික පරීක්ෂණය" මෙහෙයවීම ලක්මාල් වීරමන්ත්‍රී මහතා, "වත්මන් විෂය ධාරාව හා සිසු භූමිකාව" පිළිබඳව දැනුම්වත් කිරීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය උපකුලපති කීර්තිමත් ආදි ශිෂ්‍ය මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, ආදි ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නොයෙල් ජෝසප් මහතා හා පාසල් සංවර්ධන සමිති ලේකම් අරුණ ශාන්ත අමරසිංහ මහතා සිසුන් ආමන්ත්‍රණය කරන ලදී.

2019 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල ලැබූවන් ඇගයීමක් සිදුකරන ලද අතර 2019 උසස් පෙළ ගණිත අංශයේ හොඳම ප්‍රතිඵල සඳහා වන ශීලා ජෝසප් අනුස්මරණ සම්මානය පේසල තෙමිය බණ්ඩාර සිසුවාද, වාණිජ අංශයේ හොඳම ප්‍රතිඵලය සඳහා වන සුනිල් කරුණානායක අනුස්මරණ කුසලානය දොන් බිනුර ශාමින්ද සිසුවාද, චමුදිත විදුශාන් ඕවිටිගල 2018 වර්ෂයේ වාණිජ අංශයෙන් දිවයිනේ 6 වන ස්ථානය ලබා ගැනීම අගයන ලදී. විශේෂ ඇගයීම හා සංවිධානය ආදි ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නොයෙල් ජෝසප් මහතාගේ මගපෙන්වීමෙන් සිදුවිය.

ජාතික තරුණ සේවා සභාවේ සම්පත් දායකත්වයෙන් පවත්වන උසස් පෙළ සිසුන් සදහා මනෝමිතික වැඩසටහන් මාලාවේ මුල්ම වැඩසටහන තර්ස්ටන් විද්‍යාලය කේන්ද්‍ර කරගෙන පැවති අතර සෑම සිසුවෙක් තුළම පවතින ලැදියාවන් අනාගත අපේක්ෂාවන් සාර්ථක කර ගන්නා අයුරු පැහැදිලි කර දුනි. ගරු. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තරුණ සේවා සභාවේ ගරු සභාපතිතුමන් හා කාර්ය මණ්ඩලය සහභාගී වූ අතර මූල්‍ය දායකත්වය පාසල් සංවර්ධන සමිතිය විසින් දරණ ලදී

The orientation program for the 2022 A/L batch took place on the 22nd of September which continued to happen throughout the week providing the freshers with a novel experience. According to a concept of the Principal Mr. Pramuditha Wickramasinghe, the students were exposed to various type of activities as a kick start to their Advanced Level examination experience at the College.

Distinguished Old Boys, Director of Customs, Major General Vijitha Ravipriya, Vice Chancellor of the University of Sri Jayawardenepura Prof. Sudantha Liyanage, Senior Vice President of the Old Boys' Union Mr. Noel Joseph and the Secretary of the School Development Society Mr. Aruna Shantha Amarasinghe addressed the gathering.

In addition, "Career Key Physiometric Test" was conducted by Mr. Lakmal Weeramanthri and his team,under the guidance of the veteran counselling physiologist Mr. Ajith Jayawardane.

An awarding ceremony also took place in appreciation of the results obtained at the 2019 G. C. E. Advanced Level examination. Pesala Themiya Bandara was awarded the Sheila Joseph Memorial Award for obtaining the best results in the Maths Stream, Don Binuka Shaminda was awarded the Sunil Karunanayake Memorial Award for the best results in the Commerce Stream, and a special award was given to Chamuditha Vidushan Ovitigala for ranking 6th in the island in the Commerce Stream at the 2018 G. C. E. Advanced Level examination. The financial assistance for the awarding was borne by Mr. Noel Joseph and the Old Boys' Union.

The final section for the day was marked with the presence of Hon. Namal Rajapaksha, Minister of Sports and Youth Affairs. He was accompanied by the chairman of the Youth Services Council and other officials. The whole program was funded by the School Development Society.