Vap Full Moon Poya Day - 2020

Vap Full Moon Poya Day - 2020

භික්ෂූන් වහන්සේ වස් පවාරණය ආරම්භ කරන වප් පුර පසළොස්වක පොහොය දිනය අද යි. ජය ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩමවා ගැනීම සඳහා දෙවන පෑතිස් රජු ධර්මාශෝක රජුට සංදේශයක් යොමු කර ඇත්තේ ද අද වැනි උතුම් පොහෝ දිනකදී ය.

මෙම උතුම් පොහොය දිනය සම්බුද්ධ චරිතාපදානයේ මෙන් ම ශාසන ඉතිහාසයේ ද වැදගත් සිදුවීම්වලින් සමන්විත ය. තවුතිසාවේ වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර සංකස්සපුරයට වැඩම කළේ, අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

පෙරවස් සමාදන් වන භික්ෂූන් වහන්සේ වප් පොහොය දින වස් පවාරණය කරන අතර පසුවස් සමාදන් වන භික්ෂූන් වහන්සේ ඉල් පොහෝ දින වස් පවාරණය කරයි.

කඨින චීවර පූජාව ආරම්භ වන පොහොය දිනය ලෙස ද වප් පුර පසළොස්වක පොහොය සැලකෙයි.

මෛත්‍රීය බෝසතාණෝ බුදු පෙළහර දැක බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වූයේ ද වප් පොහෝ දිනකදී ය.

මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළ චූලහත්ථීපදෝපම සූත්‍රය අසා අනුලා බිසව ප්‍රධාන කාන්තාවෝ 500 දෙනෙකු පැවිදි වීම සඳහා කැමැත්ත පළ කිරීම හේතුවෙන් සංඝමිත්තා තෙරණිය වැඩම වීම සඳහා අරිට්ඨ මහ ඇමතිවරයා ප්‍රධාන දූත පිරිස අශෝක අධිරාජයා වෙත යාම සඳහා පිටත් වූයේ ද අදවන් උතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

ඔබ සැමට පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

The Vap Full Moon Poya is a very significant Poya in the Buddhist calendar.

According to Buddhist history, many events related to the life of the Buddha occurred on this Poya day.

It was on a Vap Full Moon Poya Day that the Buddha ended his seventh (Vassana) retreat for the rainy season since his enlightenment which he had spent in the celestial abode of Tavatissa.

There, he had engaged in preaching Abhidhamma to the devas and deities headed by Matrudeva.

Accompanied by a procession of devotees, the Buddha descended near the city gates of Sankassapura, whereupon having preached Dhamma to the great crowds which flocked to witness the strange event, he declared Arahat Sariputta as the most intelligent person among all the disciples, when he successfully answered various difficult questions put to him by the Buddha.

During the ancient era, Vap was known as the period of sowing.

Happy Vap Full Moon Poya Day to you all!