පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම 2021

සෑම අයදුම්කරුවෙකු විසින්ම අනිවාර්යයෙන් රැගෙන ආයුතු ලේඛන

☞ සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ ලිපිය

☞ ඉදිරිපත් කරනු ලබන ලිපි ලේඛන වල නිරවද්‍යතාවය සහතික කරන දිව්රුම් ප්‍රකාශය රු.50.00 ක මුද්දරයක් මත අත්සන් කර තිබිය යුතුය. (ලිපි ගොනු කවරයෙහි ඇතුළත වම් පස අලවන්න.)

☞ දරුවාගේ උප්පැන්න සහතිකය

☞ අයදුම්කරුගේ /කලත්‍රයාගේ ජාතික හැදුනුම්පත්

☞ දෙමව්පියන්ගේ උප්පැන්න සහතික

☞ දෙමව්පියන්ගේ විවාහ සහතිකය

☞ ග්‍රාම නිලධාරී සහතිකය (මෑතකදී ලබා ගත්) ආසන්න මාස තුනක් ඇතුලත

☞ තර්ස්ටන් විද්‍යාලයේ සිට ඔබගේ නිවසට පැමිණෙන මාර්ගය දැක්වෙන Google සිතියම හෝ අතින් අඳින දළ සිතියම (එහි පාසලේ සිට නිවසට පැමිණෙන ගමන් මාර්ගය ඊතල සහිතව හා දුර දක්වා තිබිය යුතුයි).

☞ රු.45.00 ක මුද්දර ඇලවූ නම නොලියූ 9x4 ප්‍රමාණයේ ලියුම් කවර 2 ක්

☞ මෑතකදී ලබා ගත් 4R ප්‍රමාණයේ දරුවාගේ සම්පූර්ණ ඡයාරූපයක්(නම හා කැඳවීම් අංකය පැහැදිළිව පිටුපස සටහන් කළ)

☞ පදිංචිය තහවුරු කරන ප්‍රධාන ලේඛන (ආදි ශිෂ්‍ය ගණය හැර ඉතිරි සියලුම ගණ සඳහා)

  • ⚑ සින්නක්කර ඔප්පුව/තෑගි ඔප්පුව/බිම් සවිය සහතිකය/දීමනා පත්‍ර/රජයේ ප්‍රදාන/විහාර හා දේවාලගම් පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද බදු ඔප්පු/පත්තිරු මගින් සනාථ කර ඇති වසර 10ට වැඩි කාලයක් සහිත ප්‍රකාශන ඔප්පු/ගෙවීමේ පදනම මත මිල දී ගෙන ඇති නිවාස ලේඛන අයිතිකරු සමග ඇති කර ගත් ගිවිසුම් හා ගෙවීම් කරන ලද ලදුපත්/ ලියා පදිංචි බදු ඔප්පු/රජයේ නිල නිවාස ලේඛනය/ගෙවල් කුලී පනත යටතේ ලියා පදිංචි වී ඇති ගෙවල් කුලී නිවැසියන් බව සනාථ කරනු ලබන ලේඛන

  • ⚑ පත්ඉරු ඉදිරිපත් කිරීම(ඔප්පු ඉදිරිපත් කිරීමේදී අනිවාර්ය වේ.) ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට මුදල් ගෙවූ ලදුපතෙහි ඡායා පිටපත හා පත්ඉරු අවසාන පිටුව දක්වා මුල් පිටපත්

  • ⚑ බිම් සවිය සහතිකය සමග ගැසට් පත්‍රයේ උපුටන

මීට අමතරව තමන් අයදුම් කල ගණයට අදාළව පහත සදහන් පරිදි ලේඛන ඉදිරිපත් කළයුතු වේ

1. පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන්සඳහා ඉදිරිපත් කළයුතු ලේඛන - CO

(අ) පදිංචිය තහවුරු කරන අතිරේක ලේඛන

(ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය/රැහැන් සහිත ස්ථාවර දුරකතන බිල්පත්/පාසල් හැරයාමේ සහතිකය/ජීවිත රක්ෂණ හිමිකම් ඔප්පුව/විවාහ සහතිකය/ළමයාගේ උප්පැන්න සහතිකය/බැංකු පොත/වාහන ලියාපදිංචි සහතිකය හෝ වාහන ආදායම් බලපත්‍රය හෝ වාහන රක්ෂණ සහතිකය/විදුලි බිල්පත්/ජල බිල්පත්/වරිපනම් බදු බිල්පත්)

(විදුලි/ජල/දුරකතන බිල්පත් - අවුරුද්දකට එක බිල්පත බැගින් සහ 2020 මැයි මස බිල්පත)

(ආ) පදිංචිය සනාථ කිරීම

2015/2016/2017/2018/2019 යන වර්ෂ පහ සඳහා ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට අදාල විස්තරය
(ඡන්ද ප්‍රදේශය, ග්‍රාම නිලධාරි වසම හා අංකය, ඡන්ද කොට්ඨාසය, අංකය හා පිළිවෙල අංකය)

නිල නිවාසයක පදිංචි බවට ලේඛන ඉදිරිපත් කිරීම
(රජයේ නිල නිවාස ලේඛනය/ඉල්ලුම්කරුට නිල නිවාසය පැවරීමේ හා නිල නිවාසය භාර ගැනීමේ ලිපි/නිල නිවාසය පැවරීමට අදාලව ආයතනය සමග ඇති කර ගත් ගිවිසුම/වැටුපෙන් අය කරන බවට අදාල බලධරයා සහතික කළ ලිපිය හෝ වැටුප් විස්තරය/ජල හා විදුලි බිල්පත්)

2. පාසලේ ආදි ශිෂ්‍යයන් වන පියවරුන්ගේ දරුවන් - OB


I. ශිෂ්‍ය කාර්ය දර්ශනය (පාසලේ අස්වීමේ සහතිකය)

II. පාසල් කාලය තුළ ලබා ගත් අධ්‍යාපන ජයග්‍රහණ සනාථ කිරීමේ ලේඛන පාසල් කාලය තුළ ලබා ගත් විෂය සමගාමී කටයුතු වලින් ලබා ගත් ජයග්‍රහණ සනාථ කිරීමේ ලේඛන

III. ආදි ශිෂ්‍ය සංගම් සාමාජිකත්වය සනාථ කිරීමේ ලේඛන

IV. පාසල් කාලයෙන් පසු ලබා ගත් අධ්‍යාපන ජයග්‍රහණ සනාථ කිරීමේ ලේඛන

V. පාසලේ දියුණුව සඳහා ලබා දුන් විවිධ ආකාරයේ සහයෝගයන් (විදුහල්පතිගේ අනුමැතිය මත ආදි ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති)

3. දැනටමත් පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ සහෝදරයන් - BR


I. දැනට පාසලේ ඉගෙනුම ලබන සහෝදරයාගේ/සහෝදරයන්ගේ උප්පැන්න සහතික

II. ශිෂ්‍ය ප්‍රගති වාර්තා පොත/ගුරු දෙගුරු සම්බන්ධතා පොත

III. සහෝදරයා පාසලට ඇතුළත් වූ වර්ෂය හා ඇතුළත් වීමේ අංකය

IV. ශිෂ්‍යයා දැනට සිටින පන්තියේ ගුරුතුමාගෙන් ලබා ගත් සහතිකය
    ★ දැනට පවත්නා කොවිඩ් 19 වාතාවරණය හේතුවෙන් III හා IV හි සටහන් තොරතුරු පාසලෙන් ලබා ගන්නා අතර, ඔබ විසින් ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය නොවේ.

V. දැනට සිටින සහෝදරයා පාසලට ලබා දී ඇති ජයග්‍රහණ සනාථ කරන ලේඛන (එක් සහෝදරයෙකු සඳහා පමණි.)

VI. දෙමව්පියන් පාසලට දක්වන ලද විවිධාකාර සහයෝග සනාථ කරන ලේඛන

4. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රජයේ පාසල් අධ්‍යාපනයට සෘජුවම බලපාන ආයතනයක කාර්ය මණ්ඩලයට අයත් තැනැත්තන්ගේ දරුවන් - ED


I. මුල් පත්වීම් ලිපිය

II. වැඩභාර ගත් ලොග් සටහන් පිටපත උපුටනය

III. සේවය ස්ථිර කිරීමේ ලිපිය

IV. සේවයේ යෙදී සිටින බවට ආයතන ප්‍රධානියාගෙන් ලබා ගත් සේවා සහතිකය

V. අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍ර ලේඛ අනුව අති දුෂ්කර හෝ දුෂ්කර ලෙස වර්ග කරනු ලැබ ඇති පාසලක් බවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සහතික කරන ලද අඛණ්ඩ දුෂ්කර සේවා කාලය සනාථ කිරීමට අදාල ලිපිය

VI. දුෂ්කර දීමනා ගෙවූ බවට සනාථ කිරීමේ ලේඛන

VII. 2015/2016/2017/2018/2019 වර්ෂ 5 ට අදාල ලබා ගත් නිවාඩු සඳහා විස්තරාත්මක B 100 ආකෘති

VIII. එම වර්ෂ සඳහා ලබා නොගත් නිවාඩු ඇතුළත් සාරාංශය (විදුහල්පති විසින් සහතික කර තිබිය යුතුයි.)

IX. සේවා විස්තරය (විදුහල්පති හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහතික කර තිබිය යුතුය)

X. පදිංචි ස්ථානය සනාථ කිරීම සඳහා අදාල ලේඛන

5. රජයේ සේවා අවශ්‍යතා/වාර්ෂික ස්ථාන මාරු ලැබූ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල/රාජ්‍ය බැංකු නිලධරයන්ගේ දරුවන් - TR


I. මුල් පත්වීමේ ලිපිය

II. වැඩභාර ගැනීමේ ලොග් සටහන් උපුටනය

III. සේවය ස්ථිර කිරීමේ ලිපිය

IV. ආසන්නතම ස්ථාන මාරුවීමේ ලිපිය සහ ඊට අදාල වර්තමාන සේවා ස්ථානයේ වැඩභාර ගැනීමේ ලිපිය හා ලොග් සටහන් උපුටනය

V. සේවා විස්තරය හා දැනට සේවයේ යෙදෙන බවට ආයතන ප්‍රධානියාගෙන් ලබා ගත් ලිපිය (පෙර සේවා ස්ථානයේ සේවය කළ කාලය සටහන්ව තිබීම අත්‍යවශ්‍යයයි.)

VI. 2015/2016/2017/2018/2019 යන වර්ෂ 5 සඳහා ලබා ගත් විස්තරාත්මක නිවාඩු විස්තර ලේඛන

VII. එම වර්ෂ 5 ට අදාල ලබා නොගත් නිවාඩු ඇතුළත් සාරාංශය (ආයතන ප්‍රධානියා විසින් සහතික කර තිබිය යුතුයි.)

VIII. පෙර සේවා ස්ථානය හා නව සේවා ස්ථානය අතර දුර සඳහන් Google සිතියම

6. ළමයා සමග විදේශ රටක පදිංචිව සිට පැමිණෙන තැනැත්තන්ගේ දරුවන් - FR


I. දිවයිනට පැමිණි දිනය දක්වා ළමයා සමග විදේශගත වී සිටි කාලය දැක්වෙන ගුවන් ගමන් බල පත්‍රය හා එහි ඡායා පිටපත් (ඡායා පිටපතෙහි ළමයා හා දෙමාපියන් දිවයිනෙන් පිටත්වීම හා දිවයිනට පැමිණීමට අදාල මුද්‍රා සහිත ස්ථාන ඉස්මතු වන ආකාරයේ සලකුණු යොදන්න.)

II. විදේශගත වූ ස්වභාවය සනාථ කරන ලේඛන

III. ස්ථිර පදිංචිය සනාථ කිරීම ට අදාල ලේඛන

පොදු උපදෙස්

I. මුල් පිටපත් ගොනුව හා ඡායාපිටපත් ගොනුව වෙන වෙනම රැගෙන එන්න.

II. මුල් පිටපත් හා ඡායා පිටපත් ඔබගේ ගණයට අදාල අනුපිළිවෙලින් ගොනු කරන්න.

III. ඡායා පිටපත් ගොනුව සඳහා ඔබගේ ගණයට දී ඇති වර්ණයට අදාල සාමාන්‍ය කඩදාසි ලිපිගොනු කවරයක් භාවිතා කරන්න.

ආසන්න - CO - රෝස
අධ්‍යාපන - ED - කොළ
ආදි ශිෂ්‍ය - OB - ලා කහ(බේජ් වර්ණය)
විදේශ - FR - දම්
ස්ථාන මාරු - TR - තැඹිලි
සහෝදර - BR - නිල්

IV. ඡායා පිටපත් ගොනුවේ නම හා කැඳවීම් අංකය පැහැදිළිව සටහන් කර තිබිය යුතුයි.

V. සෑම ඡායා පිටපතකම තමන් විසින්ම සත්‍ය පිටපතක් බව සහතික කර අත්සන් තැබිය යුතුයි.

VI. තමන්ට ලබා දී ඇති වේලාවට පැයකට කලින් පැමිණෙන්න.

VII. ඔබ හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිව සිටී නම් සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගී වීමෙන් වළකින්න. ඒ බව පාසලේ himalis@thurstancollege.edu.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට දැනුම් දෙන්න.සියලුම විමසීම් සදහා පහත දුරකථන අංකය සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා පමණක් භාවිතා කරන්න.
දුරකථන අංකය :- 011- 4321897

VIII. COVID-19 වැලැක්වීමේ සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කරනු ලබන බැවින් සැම විටම ලබා දෙන උපදෙස් පිළිපදින්න.

IX. සම්මුඛ පරීක්ෂණය සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමට හේතුවක් මෙන්ම දඩුවම් ලැබිය හැකි වරදක් බවද කාරුණිකව සලකන්න.

X. සම්මුඛ පරීක්ෂණ දිනට පසුව ගෙනෙන ලේඛන භාර ගනු නොලැබේ.

XI .නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් දරුවා රැගෙන එන්න.

සම්මුඛ පරීක්ෂණය සඳහා තේරී පත්වූ අයගේ ලේඛනය