Today is Nikini Full Moon Poya Day - 2021

Today is Nikini Full Moon Poya Day - 2021

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරති. අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී ප්‍ර්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සළකනූ ලබයි.

ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය ඉදිකිරීම ආදී වැදගත් සිදු වීම් රැසක් ශාසන ඉතිහාසයෙන් වාර්තා වෙයි. එමෙන් ම අද දින ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ ද විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදු කරති.